කුවේටයට භූමිකම්පාවක්



කුවේටයට රික්ටර් පරිමාණයේ 5 ක භූමිකම්පාවක් ඇති වූ බව කුවේට් තොරතුරු අමාත්‍යාංශය ට්විට්ර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කුවේටයේ අල්-අහමඩි නගරයට නිරිත දෙසින්, උදෑසන 4:28:02 ට, කිලෝමීටර 5 ගැඹුරකින් භූමිකම්පාව සිදු වු බව කුවේට් ජාතික භූ කම්පන ජාලය නිවේදනය කළේ ය.

භූමිකම්පාවෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බව කුවේට් ගිනි නිවන හමුදාව ද ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS