කාබුල් සිට ගුවන් ගමන් යළි ඇරැඹේ



තලේබාන් නව රජය යටතේ කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපෙළේ කටයුතු යළි ආරම්භ වී ඇති බවත්, ඇෆ්ගන් සිවිල් වැසියන් 100 ක් රැගත් සිවිල් මගී ගුවන් යානයක් කාබුල් සිට කටාර් තෙක් පියාසර කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ගුවන් යානයෙන් කටාර් හි දෝහා බලා ගිය ඇෆ්ගන් සිවිල් වැසියන් 100 දෙනා තලේබාන් පාලනය ප්‍රතික්ෂේප කරන බව ද පැවැසෙයි. තලේබාන්වරුන් පවසා ඇත්තේ ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට කැමැත්තෙන් සිටින ඕනෑම කෙනකුට පිටවීමට අවසර ලබා දෙන බවය.

ඇෆ්ගන් සරණාගතයන්ට පිහිවීමට ඉදිරිපත් වී සිටින ප්‍රධාන රාජ්‍යයක් ලෙස කටාර් සැලකෙයි. සරණාගතයන් ඔවුන් බාර ගැනීමට සූදානම් සෙසු රටවල් බලා යන්නේ දෝහා කටාර් සිටය. මේ වනවිට තලේබාන්වරුන්ට සහාය දෙමින් කාබුල් ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ ද කටාර් තාක්ෂණික සහ ඉන්ජිනේරුවන් කණ්ඩායමක් මැදිහත් වෙමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS