කාන්තාවන් 4ක් අත්අඩංගුවට



ඕමානයේ සමාජ විරෝධි ක්‍රියාවල නිතරත වු කාන්තාවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

බවුෂාර් විලයාත් හි මහල් නිවාසයක සමාජ විරෝධි ක්‍රියාවන්හි යෙදුණු බවට චෝදනා කරමින් විදේශීය කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

විදේශීය කාන්තාවන් හතර දෙනා රැකියා සහ නේවාසික නීතිරීති උල්ලංඝනය කර ඇති බැවින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඕමාන් රාජකීය පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS