ක්‍රිප්ටෝ මුදල් අපරාධවලට දැඩි දඩුවම්



ක්‍රිප්ටෝ මුදල් අපරාධ සිදුකරන පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබාදීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය කටයුතු කරන බව වාර්තා වේ.

එම අපරාධවලට සම්බන්ධ වන පරිගණක අපරාධකරුවන්ට වසර පහක සිරදඩුවමක් හෝ ඩිරාම් 250,000 සිට ඩිරාම් මිලියන 1 දක්වා දඩයක් නියම කරන බව සඳහන් කර ඇත.

එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති, ෂෙයික් කලීෆා බින් සයීඩ් අල් නහියන් හඳුන්වා දුන් නව නීති ප්‍රතිසංස්කරණ කිහිපයක කොටසක් ලෙස මෙය හඳුන්වා දී ඇත.

“අන්තර්ජාල ආරක්‍ෂක නීතියේ 48 වැනි වගන්තිය යටතේ, එක්සත් අරාබි එමිරේට්ස්  රාජ්‍යය නිල වශයෙන් පිළි නොගත්, හෝ බලපත්‍ර නොමැතිව ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු ප්‍රවර්ධනය කරන, ප්‍රචාරණය කරන හෝ දිරිමත් කරන ඕනෑම පුද්ගලයෙකු සිර දඬුවමකට හෝ දඩයකට වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS