ක්ෂණික ආහාර තහනම් කරයි



කුවේටයේ පාසල්වල ක්ෂණික ආහාර නිල වශයෙන් තහනම් කර ඇති බව වාර්තා වේ.

අධ්‍යාපන සංවර්ධන සහ ක්‍රියාකාරකම් පිළිබඳ උප-ලේකම්, ආචාර්ය ඝානෙම් අල්-සුලෙයිමානිඅදාල නියෝගය නිකුත් කර ඇති අතර, පාසල් විදුහල්පතිවරුන් සහ ළදරු පාසල්වල ප්‍රධානීන්  වෙත යවා ඇත.

ක්ෂණික ආහාර නිෂ්පාදනවල මේද විශාල ප්‍රමාණයක් සහ අධික කැලරි ප්‍රමාණයක් අඩංගු වීම, පෝෂ්‍ය පදාර්ථ වලින් තොර වීම, බරපතල සෞඛ්‍ය හානි ඇති කරන නිසා එම ආහාර තහනම් කිරීමට කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

සෞඛ්‍යට අහිතකර ආහාර සිසුන්ට ලබා දීමෙන් වැළකී සිටිය යුතු බව එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online කුවේට් නගරය)

RECOMMEND POSTS