කතුන් නිරුවත් කර පරීක්ෂා කරලා
ඕස්ට්‍රේලියානු කාන්තාවන් පිරිසක් දෝහා ගුවන්තොටුපලේදී නිරුවත් කර පරීක්ෂා කර ඇති බව වාර්තා වේ. ඕස්ට්‍රේලියානු කාන්තාවන් පිරිස කටාර් බලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත.
ගුවන්තොටුපලේ බඳුනක තිබී කුඩා බිළිඳකු පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී හමුවීමෙන් පසු කටාර් ගුවන් සමාගමට අයත් ගුවන්යානයකින් කාන්තාවන්ව බස්සවා දරුවකු ප්‍රසූත කර ඇත්දැයි පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත.
කටාර් බලධාරීන් පසුව සමාව අයැද සිටි අතර, සිද්ධිය සම්බන්ධයෙන් එක් ගුවන්තොටුපල නිලධාරියෙකුට අත්හිටවූ සිරදඬුවමක් නියම කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, දෝහා නුවර)