කටාර් විදෙස් ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඉහළට



කටාර් හි සේවය කරන සියලුම සේවකයන්ගේ අවම වැටුප රියාල් දහසක් දක්වා ඉහළ දැමූ බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කටාර් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව විදේශ ශ්‍රමිකයන්ට අවම සේවක වැටුප් නිර්ණායක තීරණය කළ මැදපෙරදිග කලාපයේ ප්‍රථම රට  කටාරය වනු ඇත.

 අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය කටාර් හි සේවය කරන සියලු ම විදේශ ශ්‍රමිකයන්ට බලපැවැත්වෙන අතර, ආයතන හෝ නිවාසවල සේවය කරන සේවකයන්ද ඊට ඇතුළත් වන බව පැවැසෙයි.


RECOMMEND POSTS