කටාර් ගොඩනැගිල්ලක් කඩා වැටේ



කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර ගොඩනැගිල්ලක් හිටිහැටියේ කඩා වැටී ඇති බවත් එයින් එක් අයකු ජීවතක්ෂයට පත්වී ඇති බවත් වාර්තා වේ.

මෙසේ කඩා වැටී ඇත්තේ බින් ඩුරාම් පළාතේ සිවු මහල් ගොඩනැගිල්ලකි. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් සිදුවුණු බවත් සුන්බුන් අතරින් 7 දෙනකු බේරා ගැනීමට හැකිවුණු බවත් පැවැසෙයි.

මෙම ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිට ඇත්තේ පාකිස්තාන, පිලිපීන, ඊජිප්තු ජාතික පවුල්වල වැසියන් යැයි අල් ජසීරා පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS