කටාර් එමීර්වරයාට පුටින්ගෙන් ලිපියක්



කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලිපියක් යවා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඒ, රුසියාවේ සහාය දිගටම කටාර් රාජ්‍යයට හිමිවන බවත්, දෙරට අතර සබඳතා ශක්තිමත් බවත් පෙන්වා දෙමිනි.

රුසියාවට මෙන්ම කටාර් රාජ්‍යයට ද වැදගත් කරුණු කාරණා සම්බන්ධයෙන් එම ලිපිය හරහා රුසියන් ජනාධිපති පුටින් පැහැදිලි කිරීමක් කර ඇතැයි පැවැසෙයි.

ලිපිය කටාර් එමීර්වරයාට ලබා දීම සිදු කර ඇත්තේ රුසියානු බලශක්ති අමාත්‍ය නිකොලේ ෂුල්ජිනෝව්ය. ඒ, කටාර් හි පැවැත්වෙන ස්වභාවික වායු අපනයනකරුවන්ගේ සමුළුවට සහභාගී වීමට ගිය අවස්ථාවේදීය.

රුසියාව ලොව ප්‍රධාන පෙළේ ස්වභාවික වායු (එල්.පී. ගෑස්) අපනයනකරුවෙකි.

(රොයිටර්)


RECOMMEND POSTS