කටාරය සමඟ වෙළෙඳ ගිවිසුමක්



ජර්මනියේ සංචාරය කරන කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී සහ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් අතරේ හයිඩ්‍රජන් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) සම්බන්ධයෙන් නව වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබුණි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ජර්මනිය පමණක් නොව, සෙසු යුරෝපා රටවල් ද බලශක්ති අර්බුදයකට මුහුණ දෙයි.

කටාර් එමීර්වරයා සාදරයෙන් පිළිගනිමින්, මෙම නව වෙළෙඳ ගිවිසුමට චාන්සලර් ඕලාෆ් ෂොල්ස් අත්සන් කළේ ඊට විසඳුමක් ලෙසය.

(අල් ජසීරා)


RECOMMEND POSTS