කටාරයෙන් තුර්කියට නිවාස



පසුගිය 2022 පා පන්දු ලෝක කුසලානයේ දී තරග නැරැඹීමට පැමිණි දෙස් විදෙස් නරඹන්නන්ට නවාතැන් ගැනීමට සකස් කරන ලද තාවකාලික නිවාස 400 ක්, තුර්කියට යැවීමට කටාර් රාජ්‍යය පියවර ගෙන තිබේ.

ඒ මීට මාසයකට පෙර, පසුගිය පෙබරවාරි 6 වැනිදා භූමි කම්පාවෙන් නිවාස අහිමිවී අසරණ වූවන් වෙනුවෙනි. එම භූමි කම්පාවෙන් සිරියාවට ද බලපෑම් එල්ල විය.

පෙබරවාරි 6දා ඇති වූ භූමිකම්පාවෙන් පසුව තුර්කියේ සහ සිරියාවේ 50,000කට වැඩි පිරිසක් මිය ගිය අතර මිලියන දෙකක පමණ පිරිසක් තාවකාලික කූඩාරම්වල ජීවත් වෙති.

(අල් ජසීරා)


RECOMMEND POSTS