ඕමානය හැඳුනුම්පත අනිවාර්ය කරයි



ඕමානයේ වයස අවුරුදු 10ට වැඩි ළමයින්ට හැඳුනුම්පත අනිවාර්ය කර ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 15 වැඩි පිරිමින් සඳහා පමණක් හැඳුනුම්පත අනිවාර්ය කිරීමට ඕමාන් රජය මීට පෙර කටයුතු කළේ ය.

සුල්තාන් හයිතම් බින් තාරික්, සිවිල් නීති විධිවිධාන සංශෝධනය කරමින් හැඳුනුම්පත අනිවාර්ය කිරීම සඳහා අංක 59/2021 දරන නියෝගය නිකුත් කිරීමට කටයුතු කර ඇත.

ඕමාන් නීතියේ 42 වන වගන්තිය අනුව, අවුරුදු 10 ට වැඩි සෑම ඕමාන් ජාතිකයෙකුම හැඳුනුම්පතක් ලබා ගත යුතු වන අතර, වයස අවුරුදු 10 හෝ අවුරුදු 10 ට අඩු දරුවන්ට තම දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව හැඳුනුම්පත් ලබා ගත හැකි බව දැක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS