ඕමානයේ සේවකයන්ට තහනමක්



ඕමානයේ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

සියළුම කොවිඩි - 19 එන්නත් ලබා ගෙන ඇති බවට සනාථ කිරීමට අපොහොසත් වන සේවකයන්ට තම සේවා ස්ථානයට ඇතුළුවීම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කොවිඩි-19 එන්නත් ලබාගෙන නොමැති රජයේ සහ පෞද්ගලික අංශයේ සියළුම සේවකයින්ට තම සේවාස්ථානයට ඇතුළුවීම තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS