ඕමානයේ පළමු මරණය වාර්තා වෙයි



ඕමානයේ පළමු කොරෝනා මරණය වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වයස අවුරුදු 72ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

පුද්ගලයන් 13 දෙනෙක්ට කොරෝනා වෛරසය අලුතින් ආසාදනය වී ඇති බවත්, සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 192 දක්වා ඉහළ ගොස් ඇති බවත්, 34 දෙනෙක් මේවනවිට සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

තම රටට දැඩි ක්‍රියාමාර්ග ගත හැකි බවත්,තවමත් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර නොමැති බවත්, රජයේ සේවක සංඛ්‍යාව සියයට 70 දක්වා අඩු කිරීම තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය අහමඩ් මොහොමඩ් අල් සයිඩි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS