ඕමානයේ ගුරු පුරප්පාඩු 1,000ක්



ඕමානයේ ගුරු පුරප්පාඩු 1,000ක් පමණ පවතින බව කම්කරු අමාත්‍යාංශය නිවේදනකෙර තිබේ.

ඕමාන්කරණ වැඩසටහන යටතේ ගුරු පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍යාංශය පැහැදිලි කළේය.

අරාබි භාෂා ගුරු තනතුරු 68, ගණිත ගුරු තනතුරු 203 ක්,  රසායන විද්‍යා ගුරු තනතුරු 26 ක්, භෞතික විද්‍යා ගුරු තනතුරු 34ක්, ජීව විද්‍යා ගුරු තනතුරු 67 ක්, සංගීත ගුරු තනතුරු 107 ක් සහ ප්‍රාථමික ගුරු තනතුරු 492ක් දැනට පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

දැනට සේවය කරන විදේශීය ගුරුවරුන් වෙනුවට ඕමාන් ජාතියන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට සැළසුම් කරන බව කම්කරු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවැසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS