ඕමානයට පහසුවෙන් යන්න පුළුවන්



ඕමානයට පහසුවෙන් පැමිණිය හැකි බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

කොරෝනා එන්නත් සහතිකය ඉදිරිපත් කරන ඕනෑම පුද්ගලයෙකුට 2021 සැප්තැම්බර් 01 දින සිට ඕමානයට පැමිණිය හැකි බව ඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර ඇත.

කොරෝනා වසංගතය තත්ත්වයන් හේතුවෙන්  ඕමානයට ඇතුළුවීම තහනම් කර ඇති රටවල පුරවැසියන්ටද කොරෝනා එන්නත් සහතිකය ඉදිරිපත් කිරීමෙන් ඕමානයට පැමිණිය හැකි බව ඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් පවසා තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS