ඔටුවකුගේ දත් මැදලා



සෞදි අරාබියේ මිනිසුන් පිරිසක් ඔටුවකුගේ දත් මදින ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජජාල වෙබ් අඩවියක පළ කර ඇති බව වාර්තා වේ.

සෞදි කාන්තාරයක අදාල සිදුවීම සිදු වී ඇති අතර, පොල්ලක රෙදි ඔතා සකස් කර ගන්නා ලද බුරුසුවක් වැනි දෙයකින් ඔවුවාගේ දත් මදින ආකාරය වීඩියෝවේ සටහන් වී ඇත.

මෙම වීඩියෝවට සමාජජාල වෙබ් අඩවිය තුළ විශාල ප්‍රසිද්ධියක් ලැබී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS