ඔටුන්න හිමි කුමරුට නිවුන් දරුවන්



ඩුබායි ඔටුන්න හිමි කුමරු වන ෂයික් හම්ඩන් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටුම්ට නිවුන් දරුවන් ලැබී ඇති බව වාර්තා වේ.

ඔටුන්න හිමි කුමරු පියෙක් බවට පත් වී ඇති අතර, පිරිමි සහ ගැහැණු දරුවන් දෙදෙනෙක් කුමරුගේ බිරිඳට ලැබී ඇත.

අලුත උපන් නිවුන් දරුවන් දෙදෙනාගේ ඡායාරූප කුමරුට අයත් ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුමේ පළ කිරීමට කටයුතු කර ඇත. නිවුන් දරුවන් ලබාදීම සම්බන්ධයෙන් කුමරු අල්ලාහ් දෙවියන් වහන්සේට ස්තූතිය පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS