එමිරේටය සංචාරක වීසා දෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සංචාරක වීසා නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කොවිඩි-19 එන්නතේ මාත්‍රා දෙකම ලබා ගෙන ඇති පුද්ගලයන්ට අගෝස්තු 30 දින සිට යළි වීසා නිකුත් කිරීමට කටයුතු කරන බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය නිවේදනය කළේ ය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට ඇතුළුවීමට තහනම් කර ඇති රටවලින් පැමිණෙන පුද්ගලයන්ට කොවිඩි-19 පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS