එමිරේටය ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ටජිකිස්තානයේ දුෂාන්බේ නුවර පැවති දේශසීමා ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සමුළුවට සහභාගී වී ඇති බව වාර්තා වේ.

කලාපීය, ජාත්‍යන්තර සහයෝගීතාව මෙන්ම හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම මෙම සමුළුවේ අරමුණයි.

ත්‍රස්තවාදය මැඩලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය දරණ ප්‍රයත්නයන් සඳහා දේශපාලන සහාය ශක්තිමත් කිරීම සහ අන්තවාදය වැළැක්වීමට ගත හැකි පියවරවරයන් පිළිබඳව සාකච්ඡා කර ඇත.

එමෙන්ම, එක් එක් රටවල් ලබාගෙන ඇති අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙම සමුළුව දී අවස්ථාවක් ලබා දී ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රයත්නයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහාය දෙන බව සම්මන්ත්‍රණයේදී එමිරේට්ස් නියෝජිත, අල් සාබි අවධාරණය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - දුෂාන්බේ නුවර)

RECOMMEND POSTS