එමිරේටයේ වෙළඳසැල් විවෘතයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අත්‍යාවශ්‍ය වෙළඳසැල් විවෘත කර තැබීමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

ඔසුසැල්, ආහාර වෙළඳසැල්, සිල්ලර බඩු වෙළඳසැල් සහ මාළු, මස් සහ එළවළු අලෙවි කරන සුපිරි වෙළඳසැල් විවෘත කර තැබීමට සෞඛ්‍ය හා වැළැක්වීමේ අමාත්‍යාංශය සහ ජාතික ආපදා කළමනාකරණ අධිකාරියඅවසර ලබාදී ඇත.

කොරෝනා වෛරසය (COVID-19) පැතිරීම මැඩපැවැත්වීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය හා වැළැක්වීමේ අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ගල්ෆ් ප්‍රවෘත්ති, ඩුබායි නුවර)

RECOMMEND POSTS