එන්නත ගත් අයට පමණක් උම්රා



කොවිඩි-19 එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් අයට පමණක් උම්රා ආගමික වතාවත්වල නිරතවීමට අවස්ථාව ලබා දෙන බව සෞදි අරාබිය නිවේදනය කළේ ය. එන්නත් දෙකම ලබා ගෙන ඇති පුද්ගලයන්ට පමණක් අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

කොන්දේසිවලට යටත්ව නබිතුමාගේ සොහොන වෙත යාමට අවසර ලබා දෙන බව නිවේදනයේ සඳහන් කර ඇත. එන්නත් ලබා ගැනීමෙන් නිදහස් කර ඇති අයට නව නීති අදාල නොවේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS