එන්නත් පැකේජ 18,400 ඇළකින් හමු වෙලා



ඊජිප්තුවේ ජල මාර්ගයකින් විශාල කොවිඩි -19 එන්නත් පැකේජ තොගයක් හමු වී ඇති බව වාර්තා වේ.

ඊජිප්තු පවුම් මිලියන 5 ක (ඩොලර් 319,000) වටිනාකමකින් යුත් එන්නත් පැකේජ 18,400 ක් අතුරුදන් වී ඇති බවට මුලින් පැමිණිලි කර ඇත.

අදාල එන්නත් තොගය කයිරෝ නුවරට කි.මී 220 ක් (සැතපුම් 137) දකුණින් පිහිටි මින්යා සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයට ලබා දී ඇති බව සඳහන් ය.

භාවිතයට නොගත් කොවිඩ් -19 එන්නත් දහස් ගණනක් ජල මාර්ගයකින් සොයා ගැනීමෙන් පසු, පරීක්ෂණ සිදු කිරීම සඳහා මින්යා සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ඖෂධවේදියෙකු, නිලධාරියෙකු සහ රියදුරු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇත.

නියාහි උතුරු දෙසින් පිහිටි බානි මසාර් පළාතේ ජල මාර්ගයක ඉවුර දිගේ සුදු පැහැති පෙට්ටි තොගයක් ගොඩ ගැසී ඇති ආකාරය සමාජ ජාල මාධ්‍යවල පළ කර ඇති ඡායාරූපවල දැක් වේ. 

අදාල සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කෙරේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)


RECOMMEND POSTS