එන්නත් නොගත් අය ගැන දැඩි තීරණයක්



කොවිඩ්-19 එන්නත නොගත් පුද්ගලයන් ගැන දැඩි තීරණයක් ගැනීමට සෞදි අරාබිය කටයුතු කරන බව වාර්තා වේ.

ඒ අනුව, ඔක්තෝබර් 10 පසු, එන්නත් නොගත් පුද්ගලයින්ට ගුවන් යානයක හෝ වෙනත් පොදු ප්‍රවාහන සේවයක ගමන් කිරීම තහනම් කරන බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ඕනෑම සංස්කෘතික, අධ්‍යයාපනික, සමාජ, විනෝදාත්මක හෝ ක්‍රීඩා උත්සවයකට සහභාගී වීමට හෝ රජයේ හෝ පෞද්ගලික ආයතනයකට ඇතුළත් වීමට කොවිඩ්-19 එන්නත් දෙකම ලබා ගෙන සිටීම අනිවාර්ය බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS