එන්නත් ආරක්ෂාව මාස 6 කට පමණයි



'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත්වලින් 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය ලැබෙන්නේ එම එන්නත්වල නියමිත මාත්‍රා ලබා දෙක ගැනීමෙන් පසු මාස 6 ක කාලයක් සඳහා පමණක් යැයි ඇමෙරිකන් සහ ඊශ්‍රායල වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඒ අනුව, 'කොවිඩ් 19' වයිරසයෙන් සහ විකෘති ප්‍රභේදවලින් ආරක්ෂා වීමට නම්, මාස 6 කට පසු අනිවාර්යයෙන් ප්‍රවර්ධක (බූස්ටර්) එන්නතක් ලබා දීම කළ යුතු බවත් වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කර තිබේ. ඇමෙරිකාවේ නිෂ්පාදිත 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් දෙකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී ඇත. ඒ, හදිසි භාවිතයට ඒවා සුදුසු බව පවසමිනි.

කෙසේ නමුත් තෙවැනි මාත්‍රාවක් ලබා දීම අත්‍යාවශ්‍ය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා නැත. එසේ වුවත් ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය මෙන්ම ඊශ්‍රායල සෞඛ්‍ය අමත්‍යාංශය එරට වැසියන්ට තෙවැනි මාත්‍රාවක් ලබා දීම සිදු කරයි.

ඇමෙරිකාව තෙවැනි මාත්‍රාවක් ලබා දීම සිදු කරන්නේ එරට අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ටය. ඊශ්‍රායලය අවුරුදු 18 වැඩි ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් සියලු දෙනාට තෙවැනි මාත්‍රාව ලබා දීම මේ වනවිට ආරම්භ කර තිබේ. ඊශ්‍රායලය එරට වැසියන්ට ලබා දෙන්නේ 'ෆයිසර්' එන්නත් පමණි.

(රොයිටර්)


RECOMMEND POSTS