ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට පහර දෙයි



පලස්තීන ඉස්ලාමික් ජිහාද් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් පලස්තීනුවන් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් 20 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.

ලැබුණු බුද්ධි තොරතුරු අනුව, තම ගුවන් හමුදාව, ‘ෂීල්ඞ් ඇන්ඞ් ඇරෝ’ මෙහෙයුම යටතේ ගාසා තීරයේ හඳුනාගත් ඉලක්කවලට තම ගුවන් හමුදාව පහර දුන් බව ඊශ්‍රායලය පවසා ඇත. ප්‍රහාරය එල්ල වීම ආරම්භ වූයේ අලුයම දෙකට පමණය.

තම නායකන් තිදෙනකු වන ජිහාද් අල් ඝනාම්, කලීල් අල් බතීනී සහ තරීක් ඉස් අල් දීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ කුඩා දරුවන් ද ගුවන් ප්‍රහාරවලින් මියගිය බව පලස්තීන ඉස්ලාමික් ජිහාද් සටන්කාමී සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS