ඊශ්‍රායල අගමැති බෙනට් ධවල මන්දිරයේ



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි.

බෙනට්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ලෙස ඇමෙරිකන් ජනාධිපති බයිඩන් හමුවුණු පළමු අවස්ථාව මෙයයි. බෙනට් ධවල මන්දිරයට පැමිණියේ බයිඩන්ගේ විශේෂ ඇරැයුමකට අනුවය.

රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡාවට බදුන් වුණු ප්‍රධාන මාතෘකාව වූයේ ඉරානයයි.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් කල්පනාකාරීව, දැඩි ස්ථාවරයක හිද කටයුතු කරන ගමන්, එම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට බයිඩන් යොමු වීම ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ පැසැසුමට හේතුවක් විය.

එමෙන්ම, ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් බයිඩන් පරිපාලනය දැඩි උනන්දුවක් දැක්වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය බෙනට් සතුට පළ කළේය.

ඉරානයට, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසහනට මුවා වී න්‍යෂ්ටික අවි නිපදවීමට, කිසිදු ඉඩක් ලබා නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට පොරොන්දුවක් ද ලබා දුන්නේය.

ඊට අමතරව පලස්තීනුවන් සම්බන්ධයෙන් ද, ඊශ්‍රායල පලස්තීන සාම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන ආකාරය සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡාවට බදුන් විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS