ඊශ්‍රායලයෙන් අලුත් ප්‍රභේදයක්



මුළු ලොවටම ‘හිසරදයක්‘ වුණු ‘කොවිඩ් 19‘ ගෝලීය වසංගතය මෙම වසරේ අවසන් වනු ඇති බවත්, මේ වනවිටත් එය සාමාන්‍ය උණ හෙම්බිරිස්සා තත්ත්වයක් බවට පත් වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොවිඩ් 19‘ සම්බන්ධයෙන් බිය පළ කරමින්, ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර එය තවමත් ක්‍රියාත්මක වෙයි.

කෙසේ නමුත් හෙට අනිද්දා වන විට එම හදිසි තත්ත්වය ඉවත් කිරීමට තමන් පියවර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය එසේ පැවැසුවත්, ඊශ්‍රායල වෛද්‍ය පර්යේෂකයන් පවසන්නේ, එරටින් නව ‘කොවිඩ් 19’ ප්‍රභේදයක් හමුවී ඇති බවය.

මෙම නව ප්‍රභේදය ‘ඔමික්‍රෝන් බී.ඒ.1’ සහ ‘ඔමික්‍රෝන් බී.ඒ.2’ උප ප්‍රභේදවලින් නිර්මාණය වූවක් යැයි ද ඊශ්‍රායල වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS