ඊජිප්තු පල්ලියක ගින්නක්: 41 ක් මරුට



ඊජිප්තුවේ කොප්ටික් දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වෙද්දී ගින්නක් හටගත්තේය.

ගින්න හේතුවෙන්  41 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 55 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවත් පැවැසෙයි.

ගින්න හටගත් අබු සිෆින් දේවස්ථානය පිහිටා ඇත්තේ, කයිරෝ අගනුවරට නුදුරින් පිහිටි ගීසා නගරයේය.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් යැයි පැවැසෙයි. ගින්න හටගත් අවස්ථාවේ දේවස්ථානයේ සිටි බැතිමතුන් ගණන 5,000 කට ආසන්නය.

ගින්නත් සමඟ හටගත් කලබලයෙන් බැතිමතුන් අතරේ තෙරපීමක් හටගත්තේය. බොහෝ දෙනා මියගියේ ගින්නට හසුවී පිළිස්සීමෙන් නොව තෙරපීමෙනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS