ඉලක්ක 89කට දැඩි ගුවන් ප්‍රහාර මාලාවක්



සිරියාවේ සහ ඉරාකයේ කුර්දි සටන්කාමීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව වාර්තා වේ.

කුර්දි සටන්කාමීන්ට අයත් ඉලක්ක 89කට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

2022 නොවැම්බර් 13 දින පුද්ගලයින් හය දෙනෙකුට මරු කැඳවු සහ 80කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් ඉස්තාම්බුල් නුවර සිදු වු බෝම්බ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කර ඇත.

ඉරාකයේ කන්දිල්, අසෝස් සහ හකුර්ක් සහ සිරියාවේ කොබානි, තල් රිෆාට්, සිසයිර් සහ ඩෙරික් යන නගරවල පිහිටා ඇති කුර්දි සටන්කාමීන්ගේ කඳවුරුවලට ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඉස්තාන්බුල් නුවර)

RECOMMEND POSTS