ඉරාන සටන්කාමීන්ට ඇමෙරිකාවෙන් ප්‍රහාර



සිරියාවේත් ඉරාකයේත් ඉරානයේ සහාය ලබන සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

ජෝ බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, ඇමෙරිකන් හමුදා විදේශයකදී එල්ල කළ දෙවැනි ගුවන් ප්‍රහාරය මෙය යැයි ද පැවැසෙයි.

ජෝ බයිඩන්ගේ අණ පරිදි ඇමෙරික් ගුවන් හමුදා මීට පෙර සිරියාවේ ඉරාන හිතවාදී සටන්කාමීන්ගේ තිප්පොලක් ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ පසුගිය පෙබරවාරියේය. ඒ, ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු රොකට් ප්‍රහාරයකටය ප්‍රතිචාර දක්වමිනි.

ඇමෙරිකන් හමුදාව කියා සිටියේ සිරියාවේත් ඉරාකයේත්, ඉරානයේ සහාය ලබන සටන්කාමීන්ගේ අවි ගබඩා ඉලක්ක කරගෙන මෙසේ පහර දුන් බවය. සිරියානු සහ ඉරාක මාධ්‍ය වාර්තා කරන ආකාරයට ප්‍රහාරවලින් සිවිල් වැසියන් සහ කුඩා දරුවන් ද ජීවිතක්ෂයට පත් වී ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS