ඉරාන වෙබ් අඩවි තහනම්



ප්‍රෙස් ටී.වී. ඇතුළු ඉරාන රජයට සම්බන්ධ මාධ්‍ය වෙබ් අඩවි 33ක් තහනම් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයට පියවර ගෙන ඇත.

එම වෙබ් අඩවිවලට ප්‍රෙස් ටී.වී., හවුති සහ පලස්තීන මාධ්‍ය වෙබ් අඩවි මෙලෙස තහනම් කර තිබේ.

මෙම තහනම් කරන ලද වෙබ් අඩවි ගොන්නට ඉරාකයේ සන්නද්ධ කණ්ඩායමක් වන කටීබ් හිස්බුල්ලා අයත් වෙබ් අඩවි තුනක් ද අයත් වේ.

මේ ඇතැම් වෙබ් අඩවිවල ‘ඩෝමේන්’ එසේත් නැතිනම් ඒවායේ භූ පිහිටීම ඇමෙරිකාවට අයත් ඒවා යැයි ද අනාවරණය වී තිබේ.

ඒ අනුව ඇමෙරිකාවේ සම්බාධක නොතකා හරිමින් එම වෙබ් අඩවිවලට ඩොමේන් ලබා දී තිබේ.

මෙම වෙබ් අඩවි තහනම් පියවර ගැනීමට පියවර ගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුවයි.

ඉරානයේ ප්‍රෙස් ටී.වී., අල්-අලාම් යන මෙලෙස තහනමට ලක්වී තිබෙන ප්‍රධාන වෙබ් අඩවි වේ.

මේවා ඉංග්‍රීසි බසින් සහ අරාබි බසින් පළ වේ.

මෙම වෙබ් අඩවි දුස් තොරතුරු ප්‍රචාරය කරන බවට චෝදනා කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙලෙස මෙම වෙබ් අඩවි තහනම් කර තිබේ.

අල්ජසීරා


RECOMMEND POSTS