ඉරාන රොකට් ගමන අසාර්ථකයි



දේශීයව නිපදවූ රොකට්ටුවක ආධාරයෙන් පර්යේෂණ උපාංග තුනක් අභ්‍යවකාශයට ගෙන යෑමට ඉරානය උත්සාහ ගත් නමුත්, එය අසාර්ථක වී ඇතැයි 'මිඩ්ල්ඊස්ට් අයි' පුවත් වෙබ් අඩවිය පවසයි.

ඉරානය මෙම රොකට්ටුව ගුවන්ගත කළේ, එරට න්‍යෂ්ටික වැඩසටහන සම්බන්දයෙන් තීරණාත්මක සාකච්ඡා වටයක් වියානා නුවර පැවැත්වෙද්දීය.

ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් ඉරානයේ රොකට් ගුවන් ගත කිරීමට දැඩි විරෝධයක් සහ අප්‍රසාදයක් පළ කර තිබුණි. කෙසේ නමුත් මෙහෙයුම අසාර්ථක වූ බව ඉරානය නිවේදනය කළේ ඊයේ (31) දිනයේය.

ඉරානයට බැලැස්ටික් මිසයිල තාක්ෂණය ඇති අතර, බැලැස්ටික් මිසයිලවලට න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කර ඕනෑම රටකට පහර දීමේ හැකියාව ද පවතී. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන නිසි නියාමනයට ලක් විය යුතු බවත්, එය අධීක්ෂණයක් යටතේ සිදුවිය යුතු බවත් බටහිර මතයයි. යළිත් වරක් ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කර ගැනීමේ අරමුණින් ඇමෙරිකාව වියානා නුවර සාකච්ඡා සඳහා සහභාගී වී සිටින්නේ මේ නිසාය.

(මිඩ්ල් ඊස්ට් අයි)


RECOMMEND POSTS