ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ගැන සාකච්ඡා



2015 වසරේ දි ඇති කරගත් න්‍යෂ්ටික එකගතාව යළි ස්ථාපිත කර ගැනීමේ අරමුණින්, ඉරානය සහ ලෝක බලවතුන් අතර සාකච්ඡා යළි ආරම්භ වී ඇති අතර, එම සාකච්ඡා ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි ද පැවැසෙයි.

සාකච්ඡා සදහා 2015 ගිවිසුමට සම්බන්ධ වූ එක්සත් රාජධානිය, ප්‍රංශට, ජර්මනිය, රුසියාව, චීනය යන රටවල නියෝජිතයන් ඉරාන නියෝජිතයන් හමුවී සාකච්ඡා පවත්වයි. ඒ, වියානා නුවරදීය.

2015 ඇතිකරගත් එම න්‍යෂ්ටික ගිවිසුමේ ප්‍රධාන පාර්ශවකරු වුයේ ඇමෙරිකාවය. කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය 2018 දී, ඉරානය සමග ඇතිකරගත් එම න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේය. ඉන්පසු ට්‍රම්ප් පරිපාලනය ඉරානයට සම්බාධ පැනැවීමක් ද කළේය. එම සම්බාධක තවමත් ක්‍රියාත්මකය.

(අල් ජසීරා)


RECOMMEND POSTS