ඉරාන ජනාධිපති ඇමෙරිකාවට දොස් කියයි



ඉරානයට සම්බාධක පනවමින්, ඉරාන වැසියන්ගේ ජීවිත අනතුරේ දැමුවේ යැයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමෙරිකාවට දොස් නැගීය.

රයිසී, ඉරාන ජනාධිපති ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියකට සහභාගීවුණු පළමු අවස්ථාව මෙයයි. රයිසි සිය දේශනය පැවැත්වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුවට සහභාගී වෙමිනි.

ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනැවීමක් කර ඇත්තේ ඉරාන න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන මුල්කොට ගනිමිනි.

එම සම්බාධක පැනැවීම කළේ බයිඩන්ට පෙර පැවැති ට්‍රම්ප් පරිපාලනයයි. අද ඉරාන වැසියන් දරුණු ලෙස 'කොවිඩ් 19' වයිරසයෙන් පීඩාවට පත් වී සිටින්නේ මෙම සම්බාධක හේතුවෙනි.

කෙසේ නමුත් ඉරාන න්‍යෂ්ටික එකඟතාව සම්බන්ධයෙන් සාකච්ඡා ඇරැඹීමට බයිඩන් පරිපාලනය උනන්දුවක් දක්වන බව පෙනෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS