ඉරාන ගණිකා රුජිනට මරණ දඩුවම



ඉරානයේ ගණිකා වෘත්තිය මෙහෙය වු ජාවාරම් ජාලයක නායිකාවකට මරණ දඩුවම ලබාදී ඇති බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය. 

"ඇලෙක්ස්" නමින් හැඳින්වෙන ෂාරූස් සොඛන්වාරි, ගණිකා වෘත්තිය සඳහා ඉරාන කාන්තාවන් අසල්වැසි රටවලට ප්‍රවාහනය කර ඇති බව ඉරාන අධිකරණය නිවේදනය කළේය.

ජාත්‍යන්තර පොලීසියේ සහයෝගයෙන් මැලේසියාවේ සිට ඉරානයට ගෙන ආ බවත්, මිනිස් ජාවාරම් සිදුකිරීම සහ ඉරාන කාන්තාවන් මහා පරිමාණයෙන් ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් ඇයට මරණ දණ්ඩනය ලබාදුන් බව අධිකරණය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.                                                                                   

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS