ඉරානයේ සිවුවැනි රැල්ල ඇරැඹේ



ඉරානයේ සිවුවැනි කොරෝනා රැල්ල මේ වනවිට ආරම්භ වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ බිය පළ කරයි. සිවුවැනි කොරෝනා රැල්ල ආරම්භ වූයේ ඉරාන වැසියන් ඔවුන්ගේ අලුත් අවුරුද්ද සැමරීමත් සමඟය.

ඉරාන වැසියන්ගේ පර්සියානු අලුත් අවුරුදු නිවාඩුව හැඳින්වෙන්නේ නොවුරුස් යනුවෙනි. නිවාඩුව මේ වනවිට අවසන් වී ඇති අතර, ඉරානයේ ප්‍රාන්ත 32 න්, අල්බෝර්ස් සහ අයිලාම් යන ප්‍රාන්තවලින් ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.

මැදපෙරදිග කලාපයේ 'කොවිඩ් 19' වයිරසයෙන් දරුණු ලෙස බැටකන රාජ්‍යයක් වන්නේ ඉරනයයි. ඉරානයේ ආසාදිතයන් ගණන මිලියන 1.9 කි. කොරෝනා ආසාදනය වී මියගිය ගණන 63,000 ඉක්මවා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS