ඉරානයේ විශාලතම නාවික යාත්‍රාව ගිලේ



ඉරානයේ විශාලතම නාවික යාත්‍රාව වන කාර්ග් යාත්‍රාව මුහුදේ ගිලී ගොස් ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

ඕමාන බොක්ක ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වීමෙන් පසු මෙලෙස නෞකාව ගිලී ගොස් ඇතැයි වාර්තා වේ.

ගින්න ඇති වූ වහාම නෞකාවේ කාර්යමණ්ඩලය ආරක්ෂිතව බේරාගැනීමට හැකියාව ලැබී ඇතැයි ද ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

ඕමාන බොක්ක ආශ්‍රිත ප්‍රදේශය උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් සහ සංවේදී සමුද්‍රීය කලාපයකි. නෞකාවේ ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් සවිස්තර විස්තරයක් අනාවරණය වී නොමැති අතර ඉරානය සහ ඊශ්‍රායලයට අයත් නෞකාවලට ප්‍රහාරවල එල්ල වනු ඇතැයි පසුගිය කාලයේදී විවිධ පුවත් වාර්තා විය.

ඉරානය සහ ඊශ්‍රායලය යනු සතුරන් ය.

නෞකාවේ ගින්න ඇති වී ඇත්තේ බදාදා අලුයම 2.25ට වන අතර නෞකාව ඉරානයේ ජාස්ක් වරායට ආසන්නයේ තිබී ඇත. නෞකාව එම අවස්ථාව වනවිට පුහුණු සැසියකට සහභාගී වෙමින් සිට ඇතැයි ද වාර්තා වේ.

ඕමාන බොක්ක හෝමූස් සමුද්‍ර සන්ධියට සම්බන්ධ වේ. ලොව ඉන්ධන ප්‍රවාහනයෙන් පහෙන් එකක් සිදුවන්නේ මේ හරහා ය.

(රොයිටර්)


RECOMMEND POSTS