ඉරානයේ ගොඩනැගිල්ලක් කඩා වැටිලා



නිරිතදිග ඉරානයේ අබාදාන් නගරයේ මහල් ගොඩනැගිල්ලක් බිමට සමතලා වීමෙන් මියගිය ගණන 31 දක්වා ඉහළ ගොස් තිබේ.

අනතුරින් තුවාල සිදුවුණු ගණන මේ වනවිට 25 දක්වා ඉහළ ගොස් ඇත. කඩා වැටුණේ මහල් 10 ක ගොඩනැගිල්ලකි.

අනතුරට හේතුව නිසි ප්‍රමිතියකින් තොරව ගොඩනැගිල්ල ඉදි කිරීම යැයි පැවැසෙයි. ඒ සම්බන්ධයෙන් 13 දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වී ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS