ඉරානයට භූමිකම්පාවක්



ඉරානයේ දකුණු දෙසින් පිහිටි බූෂර් පළාත භූමි කම්පාවකින් කැලඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වුයේ රික්ටර් පරිමානයේ ඒකක 5.9 ක් ලෙසය.

ඉරාන මාධ්‍ය වාර්තා අනුව භූමි කම්පාවෙන් පස් දෙනකු තුවාල ලබා ඇත. භූමි කම්පාවෙන් හානි සිදුවුණු බව පැවැසෙන්නේ රිග් නගරයටය.

භුමි කම්පාවෙන් දෙදරා ගිය පළාතේ ඉරාන න්‍යෂ්ටික බලාගාරයක් පිහිටා ඇති නමුත් ඊට කිසිදු හානියක් සිදුවී නැතැයි ද ඉරාන පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS