ඉරානයට නිත්‍ය සාමාජිකත්වය



චීනයේ සංකල්පයකට අනුව පිහිටුවනු ලැබූ, ෂැංගායි සහයෝගීතා සංවිධානයේ නිරීක්ෂකයන් ලෙස කටයුතු කළ බෙලරූස් රාජ්‍යයට සහ ඉරානයට එම සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය හිමිවී ඇත.

ඉරානය පවසා ඇත්තේ තමන්ට නිත්‍ය සාමාජිකත්වය හිමීව සතුටට කරුණක් බවය. ඇමෙරිකන් සම්බාධක හමුවේ ආර්ථික ස්ථාවරයක් ඇති කර ගැනීමට ෂැංගායි සහයෝගීතා සංවිධානය තමන්ට ශක්තියක් යැයි ඉරාන රජය පෙන්වා දී ඇත.

ෂැංගායි සහයෝගීතා සංවිධානයට සම්බන්ධ සමුළු කීපයක් පසුගිය අප්‍රේල් මාසයේ සිට ඉන්දියාවේ ප්‍රධාන නගර කීපයක පැවැත්වෙයි. මේ වනවිට ගෝවා හි පැවැත්වෙන්නේ ෂැංගායි සහයෝගීතා සංවිධානයට අයත් රටවල විදේශ ඇමැතිවරුන්ගේ සමුළුවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS