ඉරාක නව පාර්ලිමේන්තුව රැස්වෙයි



ඔක්තෝබරයේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් පසු ඉරාක නව පාර්ලිමේන්තුය පළමු වරට රැස්විය. ඒ අවිනිශ්චිත මෙන්ම අවුල්සහගත තත්ත්වයක් මධ්‍යයේය.

සම්ප්‍රදායික වශයෙන් නව පාර්ලිමේන්තුවේ පළමු කාර්යය වන්නේ කතා නායකවරයා සහ නියෝජ්‍ය කතා නායකවරුන් දෙදෙනා පත් කර ගැනීම වුවත් එම කටයුතු ද අවිනිශ්චිත තතත්වයක පවතින බව වාර්තා වේ.

ඔක්තෝබරයේ පැවැති මහ මැතිවරණයට ඡන්ද දායකයන් සහභාගී වූයේ ඉතා අඩු ප්‍රතිශතයකි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 44 ක් යැයි පැවැසෙයි. ෂියා නායක මුක්ටාඩා අල් සදාර් ආසන 73 ක් හිමි කර ගත්තේය. ඉරාක පාර්ලිමේන්තුවේ ආසන ගණන 329 කි.

මුක්ටාඩා අල් සදාර්  සහ ඔහුගේ දේශපාලන කණ්ඩායම්වලට තනිවම රජයක් පිහිටුවීමට ශක්තියක් නොමැති අතර, ඔහු සෙසු පක්ෂ සමග සන්ධානගතවීඹට අකමැත්ත පළ කර තිබේ. ඉරාක දේශපාලනයේ අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ එබැවිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS