ඉරාක ජනපති ඉරානයේ



ඉරාක ජනාධිපති අබ්දුල් ලතීෆ් රෂීඩ් සහ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී අතරේ හමුවක් පැවැත්විණි.

පසුගිය ඔක්තෝබරයේ බලයට ආ අබ්දුල් ලතීෆ් රෂීඩ්, ඉරානයට පැමිණ ඉරාන උත්තරීතර නායකයා හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

ඉරානය සහ ඉරාකය අතර යහපත් සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්විණි.

ඉරාකයේ ඇමෙරිකන් හමුදා රැඳී සිටීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS