ඉරාක අගමැති ධුරයෙන් ඉවත් වෙයි



දිනෙන් දින උත්සන්න වූ විරෝධතා හමුවේ තමන් ධුරයෙන් ඉවත් වන බව ඉරාක අගමැති අබ්දෙල් අබ්දුල් මහ්දි පවසා තිබේ.

නිල වශයෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අගමැතිවරයා පියවර ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

ඉරාකයව පුරා විරෝධතා රැල්ලක් නිර්මාණය වූ අතර, එම විරෝධතා ප්‍රචණ්ඩ ස්වභාවයක් පෙන්නුම් කළේය. විරෝධතා ප්‍රචණ්ඩකාරී වූයේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ යෙදවීමට අගමැතිවරයා ගත් තීරණය හේතුවෙනි.

විරෝධතා සඳහා එක්වුණු වැඩිදෙනා ඉරාක තරුණ කොටස්ය. ධරිද්‍රතාව, විරැකියාව ඉහළ යෑම සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම විරෝධතා සඳහා හේතුවක් විය.

අගමැතිවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි ඉරාකයේ ප්‍රධාන ෂියා මුස්ලිම් නායක අයොතුල්ලා අලී අල් සිස්තානිගෙන් පවා බලපෑම් එල්ල විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS