ඉරාකයේ සිට ඊශ්‍රායලයට සහාය



ඇමෙරිකාව, ඉරාකයේ හමුදා බලය වැඩි කිරීමට තීරණය කර ඇති බවත්, එසේ කළේ ඊශ්‍රායල රෙජිමයට සහාය පළ කිරීමට බවත් ඉරාකයේ ඇමෙරිකන් විරෝධී කණ්ඩායමක් චෝදනා නගයි.

මෙසේ චෝදනා නගන්නේ අෂාබ් අල් කාෆ් සන්නද්ධ කණ්ඩායමයි. මොවුන් ඇමෙරිකන් විරෝධී කණ්ඩායමක් වන අතර ඉරානයට සහාය පළ කරයි.

ඉරාක අග්‍රාමාත්‍ය ෂියා අල් සුඩානි ද පවසා ඇත්තේ ඉරාකයේ ඇමෙරිකන් හමුදා බලය වැඩිවීම සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත් ව සිටින බවය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS