ඉරාකයේ ෂියා මුස්ලිම් පල්ලියකට පස් කඩා වැටේ



ඉරාකයේ කෙර්බාලා පළාතේ, කෙර්බාලා ශුද්ධ නගරයේ ෂියා මුස්ලිම් පල්ලියකට පස් කන්දක් කඩා වැටීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. පස් කන්ද කඩා වැටීමෙන් පල්ලිය මුළුමනින්ම වැසී ගියේ යැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

පස් කඳු නායයෑමට ලක් වූයේ කටාරත් අල් ඉම්ම් අලි ෂියා මුස්ලිම් පල්ලිය පිහිටා තිබෙන්නේ කඳු වැටියක් පාමුලය. මෙම පල්ලිය ෂියා මුස්ලිම්වරුන්ගේ පූජනීය ස්ථානයකි.

නායයෑමට ලක්වීමත් සමඟ පස් තට්ටු යට සිරවුණු තිදෙනෙකු බේරා ගැනීමට සහන සේවකයන් සහ නගර වැසියන්ට හැකියාව ලැබුණු බව ද පැවැසෙයි. තවත් කීප දෙනකු පස් තට්ටු යට සිරවී සිටින බවත්, ඔවුන් බේරා ගැනීමට නොහැකි වුවහොත්, මරණ තවත් ඉහළ යනු ඇති බවත් ඉරාක රජය පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS