ඉරාකයේ ගැටුම්: 3,000 ක් අවතැන්



උතුරුදිග ඉරාකයේ කුර්දි බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් සහ ඉරාක හමුදා සොල්දාදුවන් අතරේ දරුණු අවි ගැටුම් වාර්තා වන බවත්, එම ගැටුම් හේතුවෙන් උන්හිටිතැන් අහිමිවුණු ගණන 3,000 ක් බවත් අල් ජසීරා වෙබ් අඩවිය වාර්තා කරයි.

ගැටුම් පවතින්නේ උතුරුදිග ඉරාකයේ 'ෂිංජාර්' නගරයේ සහ ඒ අවට පළාත්වලය.

කුර්දිස්තානය ඉරාකයට අයත් ප්‍රදේශයක් වන අතර, කුර්දිස්තාන බෙදුම්වාදීන්, කුර්දිස්තානය වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලයි. ඒ, සන්නද්ධ අරගලයක නියැලෙමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS