ඉරාකයේ කොරෝනා ඔඩුදුවයි



ගතවුණු පැය 24 ඇතුළත 'කොවිඩ් 19' ආසාදිතයන් 8,331 ක් වාර්තාවීමත් සමග රට තුළ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉරාක සෞඛ්‍ය බලධාරීහු අනතුරු අගවති.

වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමට, සෞඛ්‍ය අංශ ඉදිරිපත් කළ මාර්ගෝපදේශ පිළිබද ඉරාක වැසියන් සැලකිල්ලක් නොදක්වන බවට ද චෝදනා එල්ල වී ඇත.

මේ වනවිට ඉරාකයේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 9,03,439 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 14,606 ක් ලෙසය.

කෙසේ නමුත් ඉරාක සෞඛ්‍ය අංශ පවසන්නේ, සැබෑ ආසාදිතයන් ගණන සහ මරණ ගණන තවත් ඉහළ අගයක් ගන්නා බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS