ඉඩ්ලිබ් පළාතේ වැසියන්ට එන්නත් ලැබේ



ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘කොවැක්’ වැඩසටහන යටතේ, සිරියාවේ අර්බුදයට ලක්වුණු ඉඩ්ලිබ් පළාතේ වැසියන්ට කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සිදුවිය.

ඉඩ්ලිබ් පළාතේ මිලියන ගණනක් ඉතා දුෂ්කර ලෙස ජීවත් වන්නේ කිසිදු පහසුකමක් හෝ නොමැතිවය. මෙම ඉඩ්ලිබ් පළාතේ බලය ඇත්තේ සිරියාවේ සන්නද්ධ විපක්ෂ දේශපාලන කණ්ඩායම් සතුවය.

මෙම පළාතේ ජීවත් වන බොහෝ දෙනා සිරියානු ජනාධිපති අසාද්ගේ පාලනය ප්‍රතික්ෂේප කරන පිරිස්ය.

ඇමෙරිකා හමුදාවේත් තුර්කි හමුදාවේත් සහාය මෙම විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට හිමිවෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයකට අනුව, කෝවැක්ස් වැඩසටහන යටතේ ඉඩ්ලිබ් පළාතට ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 53,800 කි. ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සංවිධානය සමඟ එක් වී, ‘කොවැක්’ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ දිළිඳු රටවලට එන්නත් ලබා දීමේ අරමුණින්ය.

ඩමැස්කස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS