ඇඳුම් අඳින අයට දැඩි දඩුවම්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තුළ මත්ද්‍රව්‍ය ප්‍රචාරණ ඇඳුම් අඳින පුද්ගලයින්ට එරෙහිව දැඩි දඩුවම් ලබා දෙන බව වාර්තා වේ.

අලුතින් පනවා ඇති නව නීතියට අනුව, කංසා කොළ සහිත මත්ද්‍රව්‍ය ප්‍රවර්ධන ඇඳුම් අඳින හෝ මෝටර් රථවල ස්ටිකර් අලවා ප්‍රදර්ශනය කරනු ලබන පුද්ගලයින්ට නීති මඟින් කටයුතු කෙරේ.

2021 අංක 30 දරන ෆෙඩරල් ආඥා පනතට අනුව, නීතිවිරෝධී ද්‍රව්‍ය භාවිතය දිරිමත් කරන, රූප ප්‍රදර්ශනය කරන, නිෂ්පාදන ළඟ තබා ගන්නා ඕනෑම අයෙකුට ඩිරාම් 50,000 දක්වා දඩයක් සහ ඇතැම් අවස්ථාවලදී සිරගත කරනු ලබයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS